2017 වර්ෂයේ ගතවූ දින 40ක පමණ කාලය තළදී ඩෙංගු රෝගීන් දස දහසට ළංව අැතැයි වාර්තා වී ඇති අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 12ක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ කොළඹ, ගම්පහ, කළුතර, යාපනය, මඩකලපුව, කල්මුණේ, ගාල්ල, මාතර හා රත්නපුර යන දිස්ත්‍රික්ක 09ක ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වී ඇති බවයි.
එසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා එක්ව පෙබරවාරි 01 වැනිදා සිදුකරන ලද කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් පරික්ෂාවේදී පාසල් 170ක් පරීක්ෂාවට ලක්ව ඇති අතර, ඉන් පාසල් 102කදී (60%) ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සොයාගෙන තිබිණි.
තවත් පාසල් 44ක (26%) මදුරු කීටයන් සොයාගෙන ඇති අතර, එම පාසල් අතර කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන පාසල් කිහිපයක්ද වන බවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අතර ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසා සිටින්නේ රාජ්‍ය ආයතන තුළ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමේ හා මර්දනය කිරීමේ අරමුණින් 2017.01.24 වැනිදින සිදුකරන ලද පිරිසුදු කිරීමේ වැඩසටහන පසුව 2017 ජනවාරි 25,26 සහ 27 යන දිනවලද සිදු කළ බවත්, එහෙත් ඉන්පසු සමීක්ෂණ වැඩසටහන්වලදී අනාවරණය වූ පරිදි ආයතන තුළ මදුරු මර්දන කටයුතු සතුටුදායක නොමැති බවයි.