පාසල් අවට ඩෙංගු උවදුර වර්ධනය වෙමින් පවතින නිසා සෑම පාසලකම සතියකට එක්වරක් ඩෙංගු මර්දන වැඩසටහනක් දියත් කිරීමට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මේ අනුව විදුහල්පතිවරයා ප්රමුඛව පාසල් කාර්යමණ්ඩල ප්‍ර‘දේශයේ පොලිස් ස්ථානයේ නිලධාරීන් හා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහයෝග මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය තම අමාත්‍යාංශය තුළින් ලබාදෙන බවද රාජ්‍ය අමාත්‍ය වී. රාමක්‍රිෂ්ණන් මහතා සඳහන් කළේය.
පාසල තුළින් ඩෙංගු මර්දනය කිරීමේ අඩිතාලම දැමීම තුළින් ඉතාමත් කෙටි කාලයකින් රට තුළින් ඩෙංගු උවදුර තුරන් කිරීමට හැකි වන බවද ඒ මහතා පවසා සිටියේය.