බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කරන තෙදින ඩෙංගු මර්දන වැඩසටහන යටතේ පසුගිය 21 වැනි දින සහ 22 දින යන දෙදින තුළදී මදුරුවන් බෝ වන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන් 277 කට නඩු පවරා තිබේ.
මීට අමතරව පළමු වතාවට ස්ථාන 1483 කට අවවාද ලිපි ලබාදී තිබෙන අතර, එම ස්ථාන සහ මදුරුවන් බෝ විය හැකි බවට අනුමාන කළ හැකි ස්ථාන 3671 ක් නිවැරදි කරන ලෙසටත් උපදෙස් ලබාදී ඇත.
ඩෙංගු මර්දන වැඩපිළිවෙළ අද (23දා) දිනය තුළදිත් ක්‍රියාත්මක වන අතර, පරිසර, අධ්‍යාපන, ආරක්ෂක, පළාත් පලාන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය එක්ව මෙම වැඩසටහන දියත් කරයි.