තෙදින ජාතික ඩෙංගු මාර්දන වැඩසටහනේ පළමු දිනය වූ ඊයේ (13දා) පරිශ්‍ර 31,718 ක් පරීක්ෂා කර මදුරු කීටයන් සහිත පරිශ්‍ර 755 ක් හඳුනාගෙන තිබේ. එහිදී 336 දෙනෙකුට නඩු පැවරීමටත්, 1387 දෙනෙකුට නොතීසි නිකුත් කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එමෙන්ම පරිශ්‍ර 3672 ක් නිවැරදි කිරීමටද කටයුතු කර ඇත.
මෙම තෙදින ජාතික ඩෙංගුමර්දන වැඩසටහන සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ.
ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා දුමායනය සිදු කිරීම, රෝගීන්ගේ සත්කාරක සේවා වැඩි කිරීම, රසායනාගාර සේවා වැඩිදියුණු කිරීම, දැඩිසත්කාර හා අධිසත්කාර ඒකක පිහිටුවීම වැනි විශේෂ වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ වනවිට ක්‍රියාත්මක කෙරේ.