මදුරුවන් බෝවන ස්ථාන බහුලව පැවතීම හේතුවෙන් ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. මදුරුවන් බෝවන පරිදි පරිසරය පවත්වා ගෙන ගිය 600 දෙනෙකුට නඩු පවරා තිබෙන අතර ඊයේ දිනයේදී පමණක් ස්ථාන හැත්තෑ හතර දහසක් පමණ පරීක්ෂාවට ලක් කළ බව ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ ප්රසිලා සමරවීර ප්‍රකාශ කළාය.
මදුරු මර්දන සතිය තුළ මෙම වැඩපිළිවෙළට රාජ්‍ය සේවකයින්, ති‍්‍රවිධ හමුදා සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් ඇතුළත්කරගන්නා බව ඇය පැවසුවාය.
මදුරු මර්දන සතිය ලබන බදාදා දක්වා කි‍්‍රයාත්මක වීමට නියමිතයි.