මාදිවෙල නිවාස සංකීර්ණයේ තිබී සොයාගත් ඩිෆෙන්ඩර් රථය ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් බවත්, මේ පිළිබඳව තමා හෙට (23දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් සමාජ සවිබල ගැන්වීම් හා සමාජ සුභසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අදට පැවසීය.
අදාළ වාහනයට ලියාපදිංචිය සිදුකළ පොතක් නොමැති බවත්, මේ පිළිබඳව මහනුවර උසාවියේ නඩුවක්ද පවතින බවත් හෙතෙම සඳහන් කළේය.
මීට පෙර තාජුඩීන් ඝාතනයට යොදාගත් ඩිෆෙන්ඩර් රථය පිළිබඳ හෙළිදරව් කිරීමේදීද ඇතැමුන් තමන් පවසන්නේ ව්‍යාජ කරුණු යැයි පැවසුවද මේ වනවිට එයද තහවුරු වී ඇති බවත්, එමෙන්ම මෙම කරුණද සත්‍ය කරුණත් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේය.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,
&ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා කියන විදිහට මෙම වාහනය මිනීමැරුම් සිදුකරන්න ගෙවල් ගිනි තියන්න භාවිතා කළ වාහනයක්. මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා ඇමති කාලේ ඒක පාවිච්චි කරලා ක්‍රීඩා අමාත්‍යාංශයට හේත්තු කරලා ගිහින් තියෙන්නේ. මේ වාහනය ව්‍යාජ අංක සහිත වාහනයක් කියලා තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම නුවර උසාවියෙන් මේ වාහනය ගැන හොයනවා. නුවර පොලීසියත් මේ ගැන දන්නවා. මේ වාහනය ලියාපදිංචි කළ පොතක් නැහැ. මේකෙ චැසි අංකය වෙනස් කරලා කියලා තමයි ආරංචිය තියෙන්නේ
තාජුඩීන් ඝාතනයට යොදාගත්තු ඩිෆෙන්ඩර්ය පිළිබඳවත් මේ වගේම අනාවරණයක් කළා. ඒ කාලේදී සියලුදෙනා කෑගැහුවා මම බොරුවක් කරනවා කියලා. නමුත් දැන් ඒ කරුණු තහවුරු කරගෙන තිබෙනවා.* යැයි පැවසීය.