ඡන්දයට බය නැත්නම් පළාත් පාලනය ජන්දය පවත්වන ලෙස තමන් එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවැසීය.
බදුල්ලේ අද (17දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
"අපි එක්සත් ජාතික පක්ෂයට විවෘතව අභියෝග කරනවා ජන්දයට බය නැත්නම් පළාත් පාලන ජන්දය තියමු' කාලය අවසානයි වහාම ජන්දයට එන්න ජන්දය තිබිබොත් අනිවාර්ය යෙන්ම අප ජයග්‍රහනය කරනවා" යැයි අමාත්‍යවරයා පැවැසීය.
එසේම පළාත් පාලන ආයතනය සඳහා ඡන්ද පවත්වන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බවත් ඔහු පැවැසීය.