යහපාලන ආණ්ඩුවේද අඟේ සිට කන කන පද්ගලයින් සිටින බවත්, ඩිලාන් පෙරේරාද එවැනි පුද්ගලයෙකු බවත් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවැසීය.
"අගේ ඉදන් කන කන අයත් මේ ආණ්ඩුවේ ඉන්නවා. ඩිලාන් පෙරේරා වැනි අමාත්‍යවරු කරන ප්‍රකාශ වලින් ඒ බව පැහැදිලි වනවා. ආණ්ඩුවේ ඉදන්ම ඒ අය ආණ්ඩුවට බනිනවා. මෙහෙම දේවලුත් පේන්න තිබෙනවා. ඒත් අපි කලබල වෙන්නේ නැහැ. ඒ අයටත් නිදහසේ කටයුතු කරන්න පුලුවන්."