ඩිජිටල් උපකරණ භාවිත කරමින් අපරාධ සිදුකරන්නන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ අධිකරණ හමුවේ සාක්ෂි ලබාගැනීම ආරම්භ කර ඇතැයි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා පැවසීය.
ඩිජිටල් වෝහාරික අපරාධ විද්‍යාව සම්බන්ධයෙන් ලංකා අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට සාක්ෂි මෙහෙයවනු ලැබුවේ බැඳුම්කර කොමිසම හමුවේදී යැයි පැවසූ ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා, ඩිජිටල් වෝහාරික අපරාධ විද්‍යාව සම්බන්ධයෙන් ලංකාවේ අධිකරණයක් තුළ ප්‍රථම වතාවට සාක්ෂි මෙහෙයවනු ලැබුයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂ පී.එම්. සේනාරත්න මහතාගෙන් බවද පැවසීය.
ප්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බැඳුම්කර කොමිසමේ විශේෂ සැසිවාරයේදී කොමිසම අමතමින් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා මේ බව පවසා සිටියේය.
2015 පෙබරවාරි මස පළමු වැනිදාත්, 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි (සභාපති), ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදු කෙරේ.