ඩ්‍රෝන කැමරා 650ක් පසුගිය වසරේදී ශ්‍රී ලංකාව තුළ අනතුරට ලක්ව තිබෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එච්.එම්.සී.නිමල්සිරි මහතා පැවසීය.
2014 සිට 2016 වනවිට ඩ්‍රෝන කැමරා අනතුරුවල වැඩිවීමක් දැකිය හැකි බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
මේ අතර පසුගිය වසරේදී ගුවන් අනතුරු 95ක් සිදුව තිබෙන බවත්, ඉන් මාරාන්තික අනතුරු පහක් සිදුව 179ක් මියගොස් ඇති බවත් පැවසූ ඒ මහතා ලංකාව තුළ පසුගිය වසර 10 ඇතුළතදී මගී ගුවන් යානා අනතුරක් හේතුවෙන් කිසිවෙකු මියගොස් නැති බවද සඳහන් කළේය.
ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩමුළුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ලෝකය පුරා පසුගිය වසරේදී මගීන් බිලියන 3.6ක් ගුවනින් ගමන් කර තිබෙන බවයි.