හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාට පරුෂ වචනයෙන් බණවැදි තර්ජනය කිරිම සම්බන්ධව පොලීසියට අවශ්‍යම සිටි සැකකරු අතඅඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රු. ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදා හරින ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය නියෝග කළාය .
සාපරාධි බියගැන්විම හා බලහත්කාරකම් කිරිම සමිබන්ධව මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු වැලිගම ප්‍රදේශිය සභා සභාපති දික්කුඹුරගේ කුලවිර මහතාය . මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර දිමට පසුගිය 13දා මාතර දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය වෙත පැමිණි ඩලස් අලහප්පෙරුම මහතා ඇතුලු පිරිස ඉන් පිටතට පැමිණීමේදී මෙම සිද්ධිය සිදුවිය.