එල්.ටී.ටී.ඊ. සංවිධාන 16ක් තහනම් කිරීම හා පුද්ගලයන් 424ක් ත්රස්තවාදීන් ලෙස නම් කිරීමට ශ්‍රී ලංකාව ගත් ක්‍රියාමාර්ගය කැනඩාවට අදාළ නොවනු ඇතැයි කැනඩාව සඳහන් කරයි.
එහි විදේශ කටයුතු අමාත්‍ය ජෝන් බෙයාර්ඩ් සඳහන් කරන්නේ අදාළ සංවිධානවලට කැනඩාව තුළ නීතිමය අයුරින් සිය අදහස් ප්‍රකාශ කළ හැකි බවයි.කෙසේ නමුත් ශ්‍රී ලංකාව ගත් මෙම ක්‍රියාමාර්ගය හරහා කැනඩා ජාතිකයන් අත්අඩංගුවට ගැනීමට, ප්‍රශ්න කිරීමට හා ඔවුන්ව රඳවාගැනීමට අවශ්‍ය ඉඩකඩ ශ්‍රී ලංකාවට හිමිව තිබෙන බවද ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවට ශ්‍රී ලංකාවේ සමගි සන්ධානවීමේ ක්‍රියාවලියේ වැඩි කාර්යභාරයක් ඉටුකළ හැකි බව පෙන්වාදෙන අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කිරීමට මෙන්ම ඇතැම් එල්.ටී.ටී.ඊ. හිතවාදී සංවිධාන කැනඩාව තුළ තහනම් කිරීමටද ක්‍රියාමාර්ග ගත් බවයි.