සමස්ථ ලංකා විදුලිසංදේශ සේවක සංගමයේ උපසභාපති එම්. සුජීව මංගල මහතා පසුගිය 28 දා සිට අතුරුදන්ව ඇතැයි සමස්ථ ලංකා විදුලිසංදේශ සේවක සංගමය නිවේදනය කරයි.
පන්නිපිටියේ පිහිටි ඔහුගේ නිවසට යතුරු පැදියකින් ගමන් කරමින් සිටින විට ඔහු අතුරුදන්ව ඇති බවත් අද (30දා) දක්වා කිසිඳු තොරතුරක් නැති බවත් එම සංගමයේ ලේකම් එස්.ඩි. පෙර්රා මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මේ පිළිබඳව පොලිස්පති, අගමැති හා ජනපති දැනුම්වත් කොට ඇති බවත් ඒ පිළිබඳව පිළියන්දළ පොලීසියට පැමිණිලි කළ බවත් ලේකම්වරයා පවසයි.