භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින් ඉන්දියාවේ මීළඟ අගමැති ධුරයට පත්වෙන නිරේන්ද්ර මෝඩි මහතා හමු වී ශ්රී ලංකාවේ ජාතික ගැටලුව පිළිබඳව සාකච්ඡා කරන බව දෙමළ ජාතික සංවිධානය පවසයි.
එම පක්ෂය බලයට පත්වීම මගින් මෙරට ප්රශ්නය පිළිබඳව වැඩි අවධානයක් දිනාගැනීමට හැකිවේ යන විශ්වාසය ඇති බව එහි පාර්ලිමේන්තු මන්ත්රී සුරේෂ් දේවචන්ද්රන් මහතා 'අද'ට පැවසීය.
එසේම මෝඩි මහතා තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් මහත්මිය සමග ඉතා හොඳ මිත්රත්වයක් ඇති අයෙකු බැවින් මෙකී කටයුත්ත තවදුරටත් පහසුවන ඇති බව ඔහු සඳහන් කළේය.
රජීව් ගාන්ධි හිටපු අග්රාමාත්යවරයා ඝාතනය නිසා ඔහු නියෝජනය කළ ඉන්දීය කොංග්රස් පක්ෂය මෙරට දෙමළ ප්රශ්නය කෙරෙහි එතරම් තැකීමක් නොකළ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.