නීති විරෝධී ලෙස ටී 56 ගිනි අවියක් සහ පතරොම් තොගයක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු ගම්පහ කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (16දා) මීරිගම, කිතලවලාන ප්රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මීරිගම ප්රදේශයේ පදිංචි 44 හා 21 හැවිරිදි සැකකරුවෝ දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.
එම ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මීරිගම පොලීසියට භාරදීමෙන් අනතුරුව ඔවුන් අද (17දා) අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මීරිගම පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.