නැවත ඉදිකිරීම් සහ සංවර්ධන නියෝජිතායතනයේ (රාඩා) සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචා සම්බන්ධයෙන් එම ආයතනයේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ජුනි මස 29 වැනිදා දක්වා අත්අඩංගුවට නොගෙන සිටීමට ඊයේ (11දා) නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේදී සහතික විය.
ඒ අනුව රාඩා ආයතනයේ සිදු වී ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් ටිරාන් අලස් මහතා ලබන 29 වැනිදා දක්වා පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරනු ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත්, එසේ අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝජගයක් නිකුත් කරන ලෙසත් අලස් මහතා සිය මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් ඉල්ලා තිබිණි.
ඊයේ දින මෙම පෙත්සම විනිසුරු රෝහිණී මාරසිංහ, බුවනෙක අළුවිහාරේ සහ ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරුවරුන් හමුවේ කැඳ වූ අතර, එහිදී මෙම පෙත්සම සලකා බැලූ මුල් විනිසුරු මඬුල්ල වෙත යළි යොමුකරන බව සඳහන් කෙරිණි.
ඒ අනුව මෙම පෙත්සම ජුනි මස 29 වැනිදා අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, රෝහිණී මාරසිංහ සහ ඊවා වනසුන්දර යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ සලකා බැලීමට නියමිතය.