ටින් මාලු මිලදී ගැනිමේදී එහි ලේබලය සහ ටින් එකෙහි නිමාව පිළිබඳ සැලකිලිමත් වන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
තැළුණු සැමන් ටින්වලට නව ලේබල් අලවා අලෙවිකරන ජාවාරමක් හෙළි කරගැනීමට එම අධිකාරියේ නිලධාරීන් සමත් වී තිබෙන බවද පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කරයි.
මෙවැනි ආකාරයට සැමන් ටින් අලෙවි කරන්නන් පිළිබඳ හෝ සකස් කරන්නන් පිළිබඳ තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳ පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුවත් කරන ලෙසද ඉල්ලා සිටියි.
මීට අමතරව මේ ආකාරයට සැමන් ටින් විකිණීමට පැමිණෙන වෙළෙඳ නියෝජිතයන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසද එම අධිකාරිය ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියි.