ටිකට්පතක් නොමැතිව ගමන්ගන්නා මගීන්ගෙන් අය කරන රුපියල් 250 ක දඩ මුදල රුපියල් දහසක් දක්වා ඉහළ දමන ලෙසට රජයට යෝජනා කළ බව ලංගම සභාපති රමාල් සිරිවර්ධන මහතා සඳහන් කළේය.
මීට අමතරව මුදල් ලබාගෙන ටිකට්පත් ලබානොදෙන කොන්දොස්තරවරුන් සේවයෙන් ඉවත් කිරීමටද කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය. ටිකට්පත් නොමැතිව බස් රථවල ගමන්ගන්නා මගීන්ගෙන් දැනට ගමන් ගාස්තුව මෙන් දෙගුණයක දඩ මුදලක් හා රුපියල් 250 ක දඩ මුදලක් අය කරගන්නා බවද සභාපතිවරයා සඳහන් කළේය.
එහෙත් දුර ගමන් සේවා බස් රථවල ගමන් ගාස්තුව රුපියල් 600 දක්වා ඉහළ ගොස් තිබෙන නිසා, දඩ මුදල රුපියල් දහසක් දක්වා ඉහළ දමා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් අය කරගැනීමට රජයට යෝජනා කළ බවද හෙතෙම පවසා සිටියේය.