වනජීවි ක්ෂේත්රයට සම්බන්ධවී සිට ජීවිතක්ෂයට පත්වු පිරිස් සිහිකිරීමේ උලෙළක් අද(10) කොළඹ මහජන පුස්තකාලයේදී පැවැත්විණ. මෙහිදී හිටපු වනජීවී සහකාර අධ්යක්ෂවරයකු වු එම්. එම් .ඩී පෙරේරා , සහ මන්සුර් , සම්සන් ද සිල්වා යන වනජීවී නිළධාරීන් සිහිකොට ඔවුන්ගේ ඡායාරුප වෙත මල්දම් පැළදීමද සිදුකරන ලදී.
වෛද්‍ය නන්දන අතපත්තු මහතා විසින් රචිත මැකී යන අලි මං ඔස්සේ ග්රන්ථයද දොරට වැඩීමද මෙහිදී සිදුකෙරිණි. නන්දන අතපත්තු මහතා පොත මුලින්ම පිළිගැන්වුයේද මෙම මියගිය පවුල් හි සමාජිකයින්ටය.
ඡායා- ශමීර රාජපක්ෂ