ටැන්සානියාවේ ඊසානදිග ප්‍රදේශයට බලපෑ රික්ටර් පරිමාණ 5.7ක භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන පරිදි බටහිර වික්ටෝරියා වෙරළට ආසන්න බුකෝබා නගරයේ සිට කිලෝමීටර් 44ක් දුරින්, කිලෝ මීටර් 10ක් පොළොව අභ්‍යන්තරයේ භූ කම්පනයේ අපිකේන්ද්‍රය පිහිටා තිබී ඇත.
මෙම භූ කම්පනය හේතුවෙන් තවත් 130 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවද විදෙස් වාර්තා පවසයි.
භූ කම්පනයත් සමග ඇති වූ කම්පන තරංග උගන්ඩාවට මෙන්ම කෙන්යාවටද දැනී ඇති අතර, ගොඩනැගිලි රැසකට අලාභානි සිදුව ඇති බවද විදෙස් වාර්තා පවසයි.