සති අන්ත දීරඝ නිවාඩුව නිමවා අද දිනයේදී විශාල පිරිසක් කොළඹට පැමිණීමට ඉඩ ඇති නිසා ප්‍රධාන මාර්ග වල ඇතිවිය හැකි වාහන තදබදය අවමකර ගැනීම සඳහා මාර්ග නීති අනුගමනය කරමින් සැලකිලිමත්ව රිය පදවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
මේ පිළිබඳව සෘජු අධීක්ෂණයක් කරන ලෙසටත්, රථවාහන තද බදය අවම කර ගැනීම සදහා විශේෂ වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසටත් පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත උපදෙස් දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දන්වයි.
පොලිස් ස්ථානාධිපතිවරුන් හා රථවාහන අංශයේ ස්ථානාධිපතිවරුන් ඇතුළු නිලධාරින් උපරිම ප්‍රමාණයක් ප්‍රධාන මාර්ගවල රාජකාරි කටයුතු සඳහා යොදවන ලෙසද පොලිස්පතිවරයා උපදෙස් දී ඇත.