මිනුවන්ගොඩ - කටුනායක මාර්ගය් 18 කණුව ප්රදේශයේදී ට්රක් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව සිදුවූ අනතුරකින් එහි ගමන් කළ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
ට්රක් රථය ට්රාන්ෆෝමරයක් සහිත අධිබලැති විදුලි රැහැන් කණු දෙකක ගැටී අනතුරක් සිදුව ඇත. පසුව විදුලි රැහැන් කණුව කැඩී ට්රාන්ෆෝමරය ට්රක් රථය මතට වැටී ඇතැයි පොලීසිය කියයි.
අනතුර සිදුවන විට ට්රක් රථයේ ඉදිරිපස පස්දෙනෙකු ගමන් කර ඇති අතර තුවාල ලැබූවන් මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව පස් දෙනෙකු මියගොස් ඇත.