ට්‍රම්ප්ට බලයට එන්න පූටින් සහාය දක්වලා - බුද්ධි අංශ
තේරීපත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහනය වෙනුවෙන් රුසියානු ජනපති ව්ලැඩිමීර් පූටින් සහාය දක්වා ඇති බව ඇමෙරිකානු බුද්ධි තොරතුරු වාර්තාවක් අනාවරණය කරයි.
එහිදී, මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් බලපෑමක් කිරීම සඳහා රුසියානු ජනාධිපතිවරයා අණලබාදී ඇති බව එහි දක්වා තිබේ.
මේ සම්බන්ධයෙන් මොස්කව් පාලනය මෙතෙක් කිසිවක් පවසා නොතිබුණත්, ඇමෙරිකානු මැතිවරණය සම්බන්ධයෙන් රුසියාවේ අතපෙවීම සම්බන්ධ චෝදනා ඔවුන් මුල සිටම ප්‍රතික්ෂේප කළේය.
පිටු 25කින් යුතු මෙම වාර්තාව පෙන්වා දී ඇත්තේ ක්‍රෙම්ලීනය පැහැදිලිවම ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත කැමැත්තෙන් සිට ඇති බවයි.
එහිදී, ඩිමොක්රටික් පක්ෂය කෙරෙහි පැවති ජනතා කැමැත්ත අවතක්සේරු කිරීම මෙන්ම, ඩිමොක්රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන්ගේ පත්වීම වැළැක්වීම කෙරෙහි ක්‍රෙම්ලීනය හිතාමතා කටයුතු කර ඇති බවත් එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වාදී තිබේ.
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

