ජූනි 12 වැනි දින සිංගප්පූරුවේදී පැවැත්වීමට අපේක්ෂිත ඇමෙරිකා හා උතුරු කොරියානු නායකයන් අතර හමුව පන්මුන්චොම් නායක හමුවේදී හිමි කරගත් ජයග්‍රහණ තවදුරටත් ශක්තිමත් කොට ඉදිරියට ගෙන යනු ඇතැයි අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම උතුරු හා දකුණු කොරියානු නායකයන් අතර 2018 අප්‍රේල් මස 27 වැනි දින පැවැති අන්තර්-කොරියා හමුව සහ කොරියානු අර්ධද්වීපයේ සාමය, සෞභාග්‍යය හා එක්සත්වීම උදෙසා වූ පන්මුන්චොම් ප්රකාශනය සම්මත කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කරන බවත් එම නිවේදනයේ දැක්වෙයි.