පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු බොදුජන පෙරමුණේ නායකයන්ට අයි.එස්.අයි.එස්. සංවිධානයෙන් මරණීය තර්ජනය තිබෙන බැවින් අද (26දා) දහවල් පොලිස්පතිවරයාට ඒ පිළිබඳව පැමිණිලි කරන බව එම පෙරමුණේ සභාපති කථිකාර්ය දිලන්ත විතානගේ මහතා පැවසීය.
එහිදී අයි.එස්.අයි.එස්. සංවිධානයේ මෙරට ක්‍රියාකාරීත්වය සම්බන්ධව වැදගත් කරුණු රාශියක් පොලිස්පතිවරයට වෙත ඉදිරිපත් කරන බවද ඔහු සඳහන් කළේය.