අධිකරණයට අපහාස කිරීම, අධිකරණ කටයුතුවලට බාධා කිරීම හා රාජ්‍ය නිලධාරීන්ට බැණ වැදීම යන චෝදනා මත බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි වහාම අත්අඩංගුවට ගන්නැයි හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (25දා) හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ අද නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණ වැදී අධිකරණ කටයුතුවලටද බාධාවන පරිදි දේශනයක් පැවැත්වීම හේතු කරගනිමිනි.
පිළියන්දල දයාරත්න පතිරණ