එක්නැලිගොඩ නඩුවේ පැමිණිලිකාරිය වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණය ඉදිරිපිට බැන තර්ජනය කර සාපරාධී බිය ගැන්වීම් පිළිබඳව බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව හෝමාගම අධිකරණයේ ගොනුකළ නඩුවේ පළමු හා දෙවැනි චෝදනාවන් සඳහා වරදකරු බවට ඊයේ (24) නිගමනය කළ හෝමාගම මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු උදේෂ් රණතුංග මහතා එහි දඬුවම් නියම කිරීම ලබන මස 14 වැනිදාට ලබාදීම සඳහා නඩුව කල්දැමීමට නියම කළේය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීම පිළිබඳ නඩුව ඉකුත් 2016 ජනවාරි මස 25 වන දින සවස විභාගයට ගැනීමෙන් පසුව එහි සැකකරුවන් 9 දෙනා යළි රිමාන්ඩ් භාරයේ රැඳවීමට හෝමාගම අධිකරණය කළ නියෝගයට එරෙහිව අධිකරණය තුළ කලබලකාරීව හැසුරුණු ඥානසාර හිමි ඉන් පිටත සිටි නඩුවේ පැමිණිලිකාරියටද බැන තර්ජනය කර සාපරාධී බියගැන්වීම පිළිබඳව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 346 හා 486 වගන්ති යටතේ නීතිපති උපදෙස් මත හෝමාගම පොලීසිය මගින් ඥානසාර හිමිට එරෙහිව එම නඩුව පවරා තිබුණි.
විත්තිකාර හිමි පෙර ඇප මත මෙහිදී මුදාහරින ලද අතර එම හිමිගේ ඇඟිලි සටහන් ලබා ගන්නා ලෙසද විනිසුරුවරයා හෝමාගම පොලීසියට නියම කළේය.
හෝමාගම - ජයසේන හත්වැල්ල