රොසැල්ල ප්රදේශයේ නිවසකට ඇතුළුවී එම නිවසේ තිබූ රුපියල් ලක්ෂයක මුදලක් හා රුපියල් ලක්ෂ තුන හමාරක් පමණ වටිනා රන් භාණ්ඩ සොරකම් කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු වටවල පෙලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ඊයේ (01දා) රාත්රියේදී මෙම සොරකම සිදුව ඇත. හැටන් පොලිස් කොට්ඨාසයේ අලුතින් ආරම්භ කළ පොලිස් සුනඛ ඒකකයේ ජොනී නැමැති සුනඛයා විසින් සැකකරුවන් හඳුනාගනු ලැබීය. හැටන් පොලිස් සුනඛ කොට්ඨාසය විසින් සිදුකළ පළමු වැටලීමද මෙය වෙයි.