ශ්‍රී ලංකාවේ සාධාරණ හා නිදහස් ඡන්දයක් පැවැත්වීම සඳහා ඇමෙරිකාවේ සහාය හිමිවන බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පවසා තිබේ.
ඊයේ (07දා) ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දිනපතා මාධ්‍ය හමුවේදී එහි ප්‍රකාශක ජෙන් ප්සාකි මේ බව සඳහන් කර තිබේ.
රාජ්‍ය ලේකම් පසුගිය 6දා ජනපතිවරයා කතා කොට තිබේ. එසේම ශ්‍රී ලංකාවෙන් වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් ඇමෙරිකාවේ අවධානය යොමුව තිබෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත.