ගිංතොට තුනී ලෑලි සංස්ථාවේ සේවයේ නිරතව සිටිය දී 1980 ජූලි වර්ජනයට සහභාගී වීම හේතුවෙන් රැකියා අහිමි වූ පුද්ගලයන්ගේ වැන්දඹුවන් පිරිසක් අද (23දා) ගාල්ල නගරයේ උද්ඝෝෂණයක නිරතවූහ.
ජූලි වර්ජකයන්ට ලබා දෙන බවට රජය පොරොන්දු වූ සහන තමන්ට ලබා දෙන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.