මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජූලි 06 වැනිදා විවාදයට ගතහොත් ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සූදානම් වන බව 'අද' ට වාර්තා වෙයි.
මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන ඡන්ද විමසීමකට ගියහොත් එය අවාසි වන බවට විවිධ පාර්ශ්ව ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට පෙන්වාදීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යෝග්‍ය බව සාකච්ඡා කෙරී තිබේ.
විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීම වී ඇත්තේද පාර්ලිමේන්තුව කඩිනමින් විසුරුවා හැර මහ මැතිවරණයකට යාම සුදුසු බවයි.
ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොංග්‍රසය යන දේශපාලන පක්ෂ දරන්නේද එම මතයම බැවින් 06 වැනිදාට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි දේශපාලන ක්ෂේත්‍ර‘යේ සාකච්ඡා වෙමින් තිබේ.
මේ පිළිබඳව කළ විමසීමකදී විපක්ෂනායක නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය ගතයුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බවයි. එහෙත් ජනාධිපතිවරයා කුමන තීරණයක් ගන්නේදැයි තමන්ට ප්‍රකාශ කළ නොහැකි බවත්, එතෙක් සුපුරුදු පරිදි පාර්ලිමේන්තුවේ වගකීම් දරමින් කටයුතු කරගෙන යන බවත් විපක්ෂනායකවරයා පවසා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ මුදල් අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන 06 වැනිදා පාර්ලිමේන්තුවේ විවාද කිරීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගෙන ඇති බවයි.