පැරීසිය තුළ පුද්ගල ජීවිත 17ක් අහිමි කරමින් දින තුනක් පුරා ඇලලී ගිය ත්‍රස්ත බියෙන් පසුව අමතර 500ක ආරක්ෂක බල ඇණියක් නගරයේ ආරක්ෂාවට යොදවා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසා සිටියේ රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හැකි සෑම පියවරක්ම ගෙන ඇති බවයි.
ඊයේ දිනයේදී මෙහෙයුම් දෙකක් සිදුකරමින් ජිහාඩ් ත්රස්තවාදීන් තිදෙනෙකු මරා දැමීමට ප්‍රංශ පොලීසිය සමත් විය.
මේ අතර, මෙම ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහි කරමින් දෙලක්ෂයකට වැඩි පිරිසක් සහභාගි වූ නිහඬ පා ගමන් ප්‍රංශය පුරා සිදුව ඇත.
ප්‍රංශයේ ආරක්ෂාව වෙනුවෙන් පැවැත්වූ හදිසි කැබිනට් රැස්වීමේදී ඉදිරි සති කිහිපය තුළ එරට අවදානම් තත්ත්වය ඉහළටම ඔසවා ඇති අතර, දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළකටද සූදානම් කර තිබේ.
මේ අතර, ඉස්ලාම් අන්තවාදීන්ගේ ජිහාඩ් ප්රහාරයන්ට එරෙහිව බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, තුර්කිය හා රුසියාව එකතුව විශේෂ සාකච්ඡාවක්ද පවත්වා ඇති අතර, හෙට පැරීසියේදී පැවැත්වීමට නියමිත දැවැන්ත එක්සත් රැලියට මෙම රටවල නායකයන්ද සහභාගි වීමට නියමිතය.