ISIS ඉස්ලාමීය රාජ්‍ය ජිහාඩ් අන්තවාදීන් විසින් පැහැර ගෙන ගොස් සිටින ජපාන ප්‍රාණ ඇපකරුවන් දෙදෙනා වහාම නිදහස් කරන ලෙස ජපාන අගමැති ෂින්සෝ අබේ ඉල්ලා සිටියි.
ඇ.ඩො. මිලියන 200ක කප්පම් මුදලක් ලබා නොදුන්නොත් මොවුන් දෙදෙනා මරා දමන බවට වීඩියෝවක් ඉදිරිපත් කරමින් ජිහාඩ් අන්තවාදීන් පවසා සිටීමත් සමග ජපාන අගමැතිවරයා මෙම ඉල්ලීම කළේය.
පෙර වීඩියෝවල පරිදිම පිහියක් අතින් ගත් කළු ඇඳුමින් සැරසුණු ISIS අළුගෝසුවෙකු අසල දන ගසා ගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් දෙදෙනා මෙහි දැකිය හැකි අතර, ඉස්ලාම් රාජ්‍යයට එරෙහි සටනට ජපානය උදව් කිරීම සම්බන්ධයෙන්ද ඔහු එහිදී චෝදනා කරයි.
ජපාන අගමැතිවරයා අවධාරණය කරන්නේ මෙම බියගැන්වීම අදහාගත නොහැකි දෙයක් බවයි. එමෙන්ම ප්‍රාණ ඇපකරුවන් දෙදෙනා බේරාගන්නා බව ඔහු සහතික වෙයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ ප්‍රාණ ඇපකරුවන් දෙදෙනාගේ ජීවිත මූලික කොටස සලකන බවයි. ඒ ජීවිත කිසි ලෙසකින්වත් ත්රස්තයන් අතට පත් නොකරන බව ඔහු කියයි.
මේ අතර අදාළ වීඩියෝව හඳුනාගැනීම සඳහා තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන බව ජපාන විදේශ අමාත්‍යවරයා පවසයි.
ISIS මීට පෙරද ඇමෙරිකානු මාධ්‍යවේදීන් ඇතුළු කිහිප දෙනෙකුම හිස ගසා දමමින් මරා දැමුවේ මෙවැනිම බියවැද්දීම් වීඩියෝ පණිවුඩ හරහා ලබාදෙමිනි.