එළඹෙන මාර්තු මාසයේදී ජිනීවාවලදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරයට රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් ලෙස සහභාගි වී ආණ්ඩුව සිදුකරන අකටයුතුකම් පෙන්වාදීමට තීරණය කර ඇතැයි බලය බෙදා එක්සත් කිරීමේ ව්‍යාපාරය පවසයි.
රජයේ නියෝජිත පිරිස සමග එක්සත් ජාතික පක්ෂයේ පිරිසක්ද යාමට තීරණය කර ඇති නිසා වෙනම කණ්ඩායමක් ලෙස සැසි වාරයට සහභාගී වන බව එම ව්‍යාපාරයේ සාමාජික වික්‍රමබාහු කරුණාරත්න මහතා සඳහන් කළේය.
විශේෂයෙන් යුද සමයේ සිදුකළ කටයුතු, එල්.එල්.ආර්.සී. වාර්තාව අනුව කටයුතු නොකිරීම සහ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් මෙහිදී අදහස් දක්වන බවද ඒ මහතා පැවසීය.