ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකාව ගෙන ආ යෝජනාව සම්බන්ධ ස්ථාවරය ගැන දෙමළ ජාතික සන්ධානය තුළ මත දෙකක් හටගෙන ඇත.
එම යෝජනාව ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් පහක අනුග්‍රහයෙන් ගෙන ලැබූ අතර, එහි මුල් කෙටුම්පත දැනටමත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට භාර දී ඇත.
එම යෝජනාව සැර බාල එකක් බවට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කර සිටි නමුත්, යෝජනාව පිළිගනිමින් එහි නායක ආර්. සම්බන්ධන් හා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වී. විග්නේෂ්වරන් යන මහත්වරු ඊයේ නිවේදනයක් නිකුත් කළහ.
යෝජනාව මගින් මෙරට යුද සමයේ සිදු වූ සිද්ධීන්වලට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලීම සාධනීය පියවරක් බවද එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.