ජාවාරම්කරුවන්ට මුදල් ගෙවූ බව සරණාගතයෙක් හෙළිකරයි
ශ්‍රී ලංකා සරණාගතයන් 54 දෙනෙකු ඇතුළු සරණාගතයන් 65 දෙනෙක් රැගෙන ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය නෞකාව ආපසු හරවා යැවීම සඳහා ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් මිනිස් ජාවාරම්කරුවන්ට මුදල් ගෙවූ බව එහි සිටි ශ්‍රී ලංකා සරණාගතයෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.
ද ගාඩියන් පුවත් සේවය වීඩියෝ පටයක් නිකුත් කරමින් ඒ බව තහවුරු කළ අතර, මෙම සරණාගතයා පසුගිය 4 වැනිදා රොයිටර් පුවත් සේවය විසින් සම්මුඛ පරීක්ෂණයට ලක්කළද එහි වීඩියෝ දර්ශන මාධ්‍යයට මුදාහැරියේ අද (16දා) දිනය.
"අපි මෙහාට අරගෙන ආපු මිනිස්සු ඔස්ට්‍රේලියාවෙන් මුදල් ගත්තා. ඔවුන් අපිව බෝට්ටු දෙකකට දාලා ඉන්දුනීසියා සීමාවට ගෙනාවා. ඊට පස්සෙ ඔස්ට්‍රේලියානු නිලධාරීන් ආපසු ගියා. අපිව මෙහාට ගෙනාපු අය (මිනිස් ජාවාරම්කරුවන්) මෙහෙන් පළා ගියා. ඔවුන්ට සල්ලි තිබ්බා" යැයි ශ්‍රී ලංකා ජාතිකයා පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

