ජාතික නිදහස් පෙරමුණ හා ජාතික හෙළ උරුමය අතර ඊයේ (23දා) පැවැති සාකච්ඡාවේදී ‘ජානිපෙ හදිසි ප්‍රතිසංස්කරණ යෝජනාවලිය’ ජාතික හෙළ උරුමයේ නායකත්වයේ විශේෂ ඇගයීමකට ලක්වූ බව ජනිපේ මාධ්‍ය ප්‍රකාශක, මොහොමඞ් මුසම්මිල් මහතා පැවසීය.
එසේම ඊයේ (23දා) ඇරඹි ‘රටේ වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ මතුව ඇති අභියෝග ජයගත හැක්කේ කෙසේද?’ යන සාකච්ඡාව අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට දෙපාර්ශ්වයම එකඟ වූයේ යැයි ද මුසම්මිල් මහතා වැඩිදුරටත් පැවැසීය.
එසේම අනාගතයේදී දෙපාර්ශ්වය අතර නැවත වරක් සාකච්ඡා පවත්වන බවද හෙතෙම පැවැසීය.