උතුරු මැද පළාත් හිටපු විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුලු 31 දෙනෙකු ඝාතනය කිරිමට අනුබල දුන් බවට වරද පිළිගත් හිටපු එල්.ටී.ටී.ඊ. කර්නල්වරයෙකු වූ සම්මුගනාදන් සුදාහරන්ට උතුරුමැද පළාත් මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා වසර විස්සක සිර දඬුවමක් අද (05) නියම කළේය.