ජාතික හෙළ උරුමය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන් අතර අද (27දා) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී විශේෂ කමිටුවක් පත්කර ගැනීමට දෙපාර්ශ්වයම එකඟවී තිබේ.
ඒ අනුව නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේම්ජයන්ත, ඩලස් අලහප්පෙරුම, පාඨලී රණවක, උදය ගම්මන්පිල යන මහත්වරුන්ගෙන් සමන්විත මෙම කමිටුව විසින් ජාතික හෙළ උරුමයේ යෝජනා සම්බන්ධව ඉදිරියේදී දීර්ඝව සාකච්ඡා කිරීමට නියමිතය.
සවස 6.00 ට පමණ ආරම්භ පැය 2 ½ ක කාලයක් පැවැති සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයා සහභාගි නොවූ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් බැසිල් රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ජෝන් සෙනෙවිරත්න, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන්ද, ජාතික හෙළ උරුමයේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද, පාඨලී රණවක, උදය ගම්මන්පිල, අනුරුද්ධ ප්‍රදීප් යන මහත්වරුද එක්ව සිටියහ.