රජය විසින් ක්‍රියාවට නංවා ඇති ජාතික වැඩසටහන් පිළිබදව දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කිරිමේ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන් අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි පැවැත්විණි.
යළිත් මේ රට කෘෂි කර්මාන්තයෙන් සශ්‍රීක කර ස්වයංපෝෂිත රටක් ලෙස නැගී සිටීම සඳහා ගොවි ජනතාව සවිබල ගැන්වීම , දේශීය ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල, මත් ද්‍රව්‍ය නිවාරණය සහ වකුගඩු රෝග නිවාරණ වැඩසටහන පිළිබදව ජනපතිතුමා මෙහිදි සඳහන් කළ අතර ජනතාව ජනවාරි 8 වනදා ලද ජයග්‍රහණය සැබෑ ජයග්‍රහණයක් කරනු වස් රජය ක්‍රියාත්මක කර ඇති ජාතික වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සියළු දෙනාම සාමූහිකව ක්‍රියාත්මක විය යුතු බව ජනපතිතුමා අවධාරණය කළේය. මෙම අවස්ථාවට දුමින්ද දිසානායක සහ වජිර අබේවර්ධන යන අමාත්‍යවරු සහ ජනපති ලේකම් පී.බී අබේකෝන් මහතා ඇතුළු නිලධාරීන්ද එක්ව සිටියහ.