කොළඹ ජාතික රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍ර දෙකෙන් එකක් කාර්මික දෝෂයකට ලක් වී දින 25කට අධික කාලයක් ගත වී තිබුණද, මෙතෙක් එය යථා තත්ත්වයට පත් කර නැතැයි රෝහල් කාර්යමණ්ඩලය සඳහන් කරයි.
පෙබරවාරි 08 වැනිදා මෙම යන්ත්‍රය කාර්මික දෝෂයකට ලක් වූ බවත්, එම යන්ත්‍රය මගින් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් 07ක පරීක්ෂණ කටයුතු සිදුකළ බවත් එම පිරිස් පෙන්වා දෙති.
මෙම යන්ත්‍රය හරහා දිනකට රෝගීන් 110 - 120 අතර ප්රමාණයකපරීක්ෂණ කටයුතු සිදුකරන බවත්, පෞද්ගලික අංශයෙන් මෙවැනි පරීක්ෂණයක් සිදුකිරීමේදී රෝගින්ට රුපියල් හාරදහසේ සිට රුපියල් හතළිස් දහස දක්වා වූ විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවත් රෝහල් කාර්යමණ්ඩල සඳහන් කරයි.
කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ස්ථාපිත කර ඇති සී.ටී.ස්කෑන් යන්‘ත්‍රයේ ටියුබය කාර්මික දෝෂයකට ලක් වූ අවස්ථාවේදී දින තුනක් ඇතුළත එය යථා තත්ත්වයට පත් කළ බවත්, එහෙත් ප්‍රධාන විකිරණ අංශයේ පවතින මෙම යන්ත්‍රයද අදාළ තාක්ෂණික දෝෂයටම ලක්වුවත් මෙතෙක් යථා තත්ත්වයට පත් කර නොමැති බවත් එම පිරිස් පෙන්වා දෙති.
මෙම යන්ත්‍රය මගින් කොළඹ ජාතික රෝහලේ පරීක්ෂණ කටයුතුවලට අමතරව ජාතික අක්ෂි රෝහල, ජාතික දත්ත රෝහල, මාලිගාවත්ත වකුගඩු ඒකකය, අංගොඩ මානසික සෞඛ්‍ය ආයතනය, කාසල් වීදිය කාන්තා රෝහල, ද සොයිසා රෝහල ආදී රෝහල්වල රෝගී පරීක්ෂණ කටයුතු සිදුකරන බවද එම පිරිස් සඳහන් කරති.