කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙය පරීක්ෂා කිරීමේදී පාරිභෝජනයට නුසුදුසු අල කිලෝ 785 ක් තිබී අත්අඩංගුවට ගැනීමට කොළඹ නගර සභාවේ සෞඛ්‍ය නිලධාරීහු සමත්වූහ.
රෝගීන්ට සහ කාර්යමණ්ඩලවලට අවශ්‍ය ආහාර සැකසීමට මෙම අල ගෙනැවිත් තිබූ බව කොළඹ නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී ආර්.එල්. ද විජයමුණි මහතා පැවසීය.
මේ සම්බන්ධව රෝහල් මුළුතැන්ගෙයි ප්‍රධාන සූපවේදියාට සහ ගබඩා භාරකරුට එරෙහිව නීති මගින් කටයුතු කරන බවද ඒ මහතා පැවසීය.