ජාතික තරුණ සේවා සභාව ක්‍රියාත්මක කළ ජාතික යොවුන් තෛපොංගල් සැමරුම පසුගියදා යාපනයේ කරෙයිනගර්, වඩුක්කොඩෙයි කාර්මික විද්‍යාල පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම උත්සවයට උතුරේ තරුණ තරුණියන්ට අමතරව දකුණේ තරුණ තරුණියන් 450 දෙනෙකුද එක්ව සිටීම විශේෂත්වයක් විය.
ජාතික තරුණ සේවා සභාව නියෝජනය කරමින් දිවයිනේ නන් දෙසින් මෙම උලෙළටසහභාගි වූ 1500ක් පමණ වූ සිංහල, දමිළ, මුස්ලිම් තරුණ පිරිස යෞවන ප්‍රතිඥාව සිංහල හා දමිළ භාෂාවලින් ලබාදීම උලෙළේ සුවිශේෂී අවස්ථාවක් විය. සිංහල හා දමිළ සංස්කෘතිකාංග හා ජන ක්‍රීඩා රැසකින් එම උලෙළ විචිත්‍රවත් වූ අතර, ආරාධිතයින් අතින් සහභාගි වූ අයට ක්‍රීඩා භාණ්ඩ, පාසල් උපකරණ හා පුස්තකාල පොත් බෙදාදීමද සිදු විය.
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව හා උතුරු පළාත් සභාව ඇතුළු තවත් රාජ්‍ය ආයතන රැසක එකමුතුවෙන් මෙම උලෙළ සංවිධානය කර තිබිණි.
ජාතික යොවුන්තෛපොංගල් සැමරුම් උලෙළට ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන්, උතුරු පළාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්. පලිහක්කාර, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ අතිරේක ලේකම් ආචාර්ය කේ.ඒ.එස්. කීරගල, උතුරු පළාත් ක්‍රීඩා, සංස්කෘතික, තරුණ කටයුතු හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආර්. රවින්ද්‍රන්, ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්යක්ෂ ජනරාල් නීතීඥ එරන්ද වැලිඅංගේ යන මහත්ම මහත්මීන්ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.