මවකට කිරි එරෙන්නේ දරුවකුට ගැළපෙන ආකාරයකට බවත් එළදෙනුන්ට කිරි එරෙන්නේ ඒ පැටවුන්ට ගැළපෙන ආකාරයකට බවත්, කුඩා දරුවන්ට මවුකිරි හැරෙන්නට වෙනත් කිසිවක් සුදුසු නැති බවත් එළදෙනුන්ගේ කිරි අපේ දරුවන්ට නොගැළපෙන බවත් ද සොයිසා කාන්තා රෝහලේ නව ජන්ම විශේෂඥ වෛද්‍ය නිෂානි ලූකස් මහත්මිය සඳහන් කළාය.
"කුඩා දරුවන්ට මවුකිරි හැරෙන්නට වෙනත් කිසිවක් සුදුසු නෑ. මවකට කිරි එරෙන්නේ දරුවකුට ගැලපෙන විදිහටයි. ඒ ඒ වර්ධන කාලයන්ට අදාළව එළදෙනුන්ට කිරි එරෙන්නේ පැටවුන්ට ගැලපෙන විදිහටයි. ඒ නිසා ඒ අයගේ කිරි අපේ දරුවන්ට ගැලපෙන්නේ නෑ.
එයින් වෙන්නේ දරුවන් රෝගී තත්ත්වයන්ට පත්වීමයි. මාස 06ක් නොකඩවා මවුකිරි පමණක් දීමෙන් දරුවාගේ මොළය ඉතාම හොඳින් වර්ධනය වෙනවා. මාස 6න් පසු ඝන ආහාර සමග මවුකිරි දිය හැකියි. දරුවාට වසර දෙකක් වනතුරාම මවුකිරි දීම ඉතා හොඳයි.
කොහොම වුණත් දරුවා කිරි බීම නතර කරන තුරා කිරිදෙනවා නම් එහි ගුණාත්මක බව බලපාන්නේ දරුවාටයි. වෛද්‍යවරුන් හැටියට අපි කියන්නේ දරුවෙකු වැඩිහිටි වෙනකම්ම වුණත් පිටිකිරි පානයට හුරු නොකරනවා නම් එය ඉතා සෞඛ්යාරක්ෂිත බව යැයි" මවුකිරි දීමේ සතිය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ද සොයිසා කාන්තා රෝහලේ නව ජන්ම විශේෂඥ වෛද්‍ය නිෂානි ලූකස් මහත්මිය පැවසුවාය.