හෙට (10දා) සිට 16 වැනිදා දක්වා වූ සතියක කාලය ජාතික මදුරු මර්දන සතිය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත්කර තිබේ.
මේ වැඩසටහන යටතේ හෙට (10දා) සියලුම අධ්‍යාපනික ආයතනත්, අනිද්දා (11දා) සියලුම රාජ්‍ය හා පෞද්ගලික ආයතනත්, සැප්තැම්බර් 12 වැනිදා පොදු ස්ථාන හා නාගරික කාණු පද්ධතිද පරීක්ෂාවට ලක්කෙරේ.
මෙම සතිය තුළ ජනාධිපති කාර්ය සාධක බළකාය, ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක බළකාය හා ප්‍රජාව එක්ව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.