දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ දැඩි ඉල්ලීම මත සියලුම ජාතික පාසල්වල පාසල් පැවැත්වෙන කාලසීමාව පෙ.ව.7.30 සිට ප.ව 1.30 දක්වා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
පාසල් දරුවන්ට අලුයම අවදි වී පාසල් යාමට සිදුව ඇති බවත්, මේ හේතුවෙන් දරුවන්ගේ ළමා කාලය කෙළිදෙළෙන් ගතකිරීමේ සහ නිවසේ රැඳී සිටීමේ කාලය අඩු වී ඇති බවත් අමාත්‍යවරයා පවසයි.
ලංකාව වැනි රටක විවිධ ප්‍රදේශවලට බලපාන දේශගුණික තත්ත්වයන් මත පාසල් පවත්වන කාලසීමාව දීර්ඝ කළ නොහැකි බවත්, තමා මේ පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් කාරියවසම් මහතා පැවසීය.
මෙතෙක් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය පෙ.ව.7.30 සිට ප.ව.3.30 දක්වා පැවැත්වූ බවත්, එය වහාම ක්‍රියාත්මක වන පරිදි පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වා පවත්වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.