දැනට පුරප්පාඩු වී ඇති සහ 2015.12.31 දිනට පුරප්පාඩු වීමට නියමිත ජාතික පාසල් 106 ක් සඳහා විදුහල්පතිවරුන් තෝරාගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I,II,III පන්තියේ නිලධාරීන්ගෙන් සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් අතුරෙන් සුදුසු විදුහල්පතිවරුන් තෝරාගැනීම සිදුකෙරේ. බස්නාහිර පළාතේ පාසල් 09 ක්, මධ්‍යම පළාතේ පාසල් 15 ක්, දකුණු පළාතේ පාසල් 23 ක්, උතුරු පළාතේ පාසල් 16 ක්, නැගෙනහිර පළාතේ පාසල් 10 ක්, වයඹ පළාතේ පාසල් 11ක්, ඌව පළාතේ පාසල් 12 ක් හා සබරගමුව පළාතේ පාසල් 10 ක් සඳහා මෙලෙස විදුහල්පතිවරුන් බඳවාගැනේ. මේ සඳහා වන අයදුම්පත් හෙට (01දා) සිට අප්‍රේල් 30 වැනිදා දක්වා භාරගැනේ.