කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය නමින් ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය පිහිටුවීමටත් නිවාස සංවර්ධන මූල්‍ය සමාගම් බැංකුව(HDFC Bank) සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ජාතික නිවාස බැංකුව ලෙස ඒකාබද්ධ කිරීමටත්, ලංකා පුත්‍ර බැංකුව(LDB) සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව(RDB) ලංකා ව්‍යවසාය සංවර්ධන බැංකුව ලෙස ඒකාබද්ධ කිරීමටත්, ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමග ඒකාබද්ධ කිරීමටත් අයවැය මගින් යෝජනා විය. එසේම දිවිනැගුම බැංකුවේ අරමුදල් ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමග සම්බන්ධ කිරීමටත් යෝජනා විය.