ජාතික නාමල් උයන මධ්‍යම සංස්කෘතික අරමුදලට පැවරීමට සැලසුම්
ජාතික නාමල් උයනේ නඩත්තු කටයුතු සහ ඉදිරි සංවර්ධන කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත ගිවිසුමකින් ලබාදීමට සැලසුම් කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (28දා) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ පැවසූහ.
එහිදී අදහස් දැක්වූ රාහුල හිමියෝ ජාතික නාමල් උයන සුවිශේෂි පරිසර පද්ධතියක් වන බවත් භූගෝලීය, ආර්ථික, සමාජීය හා ආගමික වශයෙන් වැදගත් වන අතර 1991 වර්ෂයේ තමන් ජාතික නාමල් උයන ආරම්භ කළ බවත් ඒ සඳහා වෙහෙසී කටයුතු කළ බවත් වසර 27ක් අභියෝග මැද එම කටයුත්තේ නියැළුණු බවත් ගතවූ කාලය පුරා ඒ සඳහා සියලු රාජ්‍ය නායකයන් සහයෝගය දක්වා ඇති අතර වර්තමාන ජනාධිපතිතුමා, අග්රාමාත්යතුමාද සුවිශේෂී සහයෝගයක් ලබාදෙන බවද සඳහන් කළහ.
එමෙන්ම මේ වනවිට ජාතික නාමල් උයන දෙස්, විදෙස් සංචාරක ආකර්ෂණයට ලක් වී තිබෙන අතර තමාගේ කාලයෙන් පසු මෙම ස්ථානය විනාශ වීමට ඉඩදිය නොහැකි බවත් එබැවින් මෙම ස්ථානයේ ඉදිරි අනාගත පරපුරට දැකගත හැකි ආකාරයට සුරක්ෂිත කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට ගිවිසුමකින් පවරා දීමට තීරණය කළ බවත් එය ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන ජූලි මාසයේ දී
සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් උන්වහන්සේ එහිදී වැඩි දුරටත් පවසා සිටියහ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


