ධීවර අංශයේ පවතින ගැටලු විසඳීමටත් තිරසාර සංවර්ධනයට එය තුළින් දක්වන දායකත්වය වර්ධනය කරගැනීමේ පරමාර්ථයෙන් ජාතික ධීවර උපදේශක සභාව පිහිටුවා තිබේ. ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස්මත ඊයේ (31දා) මෙම සභාව පිහිටුවා ඇත.
1996 අංක 02 දරන ධීවර හා ජලජ සම්පත් පනත අනුව ජාතික ධීවර සභාව පිහිටුවිය යුතු වුවත් එය වසර තුනක් තිස්සේ ක්‍රියාත්මක නොවූ බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
ධීවර අමාත්‍යාංශය, ධීවර දෙපාර්තමේන්තුව, පළාත් ධීවර අමාත්‍යවරු, පරිසර අමාත්‍යාංශය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, ගොවිජන සංවර්ධන කොමසාරිස් දෙපාර්තමේන්තුව, වාරිමාර්ග අමාත්‍යාංශය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඉඩම් අමාත්‍යාංශය, සංචාරක අමාත්‍යාංශය සහ ධීවර සංගම් නියෝජිතයන් ඇතුළු ආයතන රැසක සාමාජිකයන් 48 දෙනෙකුගෙන් මෙම උපදේශන සභාව සමන්විත වෙයි.